Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානයකට දෙන පහසුකම් නවතී

වෙල්කැම්ප් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ලබාදෙන පහසුකම් හා ප්‍රතිපාදන අත්හිටුවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම ලබන මාසයේදී කල් ඉකුත් වන බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

ඒ අනුව ප්‍රාන්ත රජය සහ වෙල්කැම්ප් නිරෝධායන මධ්‍යස්ථානය අතර මෙතෙක් පැවති අවබෝධතා ගිවිසුම ඉදිරියේදී අලූත් කිරීමක් සිදුනොවනු ඇති.

කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි පසුගිය වසර ආරම්භයේදී ඇඳන් 1000 කින් සමන්විත මෙම වෙල්කැම්ප් නිරෝධායන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ.

එහි 730 දෙනෙකුට පමණක් පහසුකම් සපයා තිබූ අතර ප්‍රාන්ත රජය විසින් වැය කර තිබූ මුදල ඩොලර් මිලියන 220 ක්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »