Search

ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළේ මෙහෙයුම් ඇණ හිටී

පරිඝණක දෝෂයක් හේතුවෙන් ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් මගීන් සිය ගණනකට Check In වීමට සහ ගුවන් ගමන අවසානයේ සිය ගමන් මලු නැවත ලබාගැනීමට අපහසුතා මතුවී ඇති බව සඳහන්.

මෙම දෝෂය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරන බව ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළ බළධාරීන් ප්‍රකාශ කලා.

ඇතැම් ගුවන් යානා පිටත්වීම පැය 03 කින් පමණ ප්‍රමාද වී ඇති බවද තවත් ගුවන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවද වාර්තා වනවා.

දේශීය මෙන්ම ජාත්‍යන්තර ගුවන් යානා සඳහාද මෙම තත්වය බලපා තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »