Search

ඔස්ට්‍රේලියාව තුළ නව නිවාස ඉදි කිරීමේ වියදම තවත් ඉහළට

අමුද්‍රව්‍ය සහ පුහුණූ සේවක හිගය හමුවේ ඔස්ට්‍රේලියාව තුළ නව නිවාස ඉදි කිරීමේ වියදම තවත් ඉහළ ගොස් තිබෙනවා.

දැව මිළ ගණන් තරමක් අඩු අගයක පැවතියද සිමෙන්ති – වීදුරු සහ ඇලුමිනියම් ගණන් ඉහළ අගයක පැවතීම ප්‍රධාන ගැටලුවක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඉදි කිරීම් කර්මාන්තයට සම්බන්ධ පුහුණු සේවක ශ්‍රමිකයන්ගේ හිගය ද තවත් ප්‍රධාන අර්බුදයක් බව සඳහන්.

ටයිල් අල්ලන්නන් – පින්තාරුකරුවන් සහ ගඩොල් අල්ලන්නන් ගේ හිගය ඒ අතරින් වඩාත් දරුණු තත්වයකයි පවතින්නේ.

විශේෂයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙම තත්වය වඩාත් උග්‍ර බව අනාවරණය වී තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »