මෙල්බන් ආ ගුවන් යානයක මගීන් පැය 14 ක් සිරවෙයි

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙල්බන් දක්වා පැමිණි ජෙට් ස්ටාර් ගුවන් යානයක ගුවන් මගීන් 200 කට වැඩි පිරිසකට පැය 14 කට ආසන්න කාලයක් ගුවන් යානය තුළ රැඳී සිටීමට සිදුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ බැංකොක් නුවරින් පිටත්වු දරන මෙම යානය හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හමුවේ ඇලිස් ස්ප්‍රිංග්ස් ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබුණා.

අනතුරුව බෝයිං 787 වර්ගයට අයත් මෙම යානයේ හටගත් විද්‍යුත් දෝෂයක් හමුවේ එය නැවත ගුවන් ගතකිරීමට නොහැකිවීමෙන් වෙනත් යානයක් ගෙන්වා ගැනීමටයි ජෙට් ස්ටාර් ගුවන් සේවයට සිදුවී ඇත්තේ.

කෙසේවෙතත් ඒ සඳහා පැය 07 කට ආසන්න කාලයක් ගතවී ඇති බව සඳහන්.

ඇලිස් ස්ප්‍රිංග්ස් ගුවන් තොටුපළේ රේගු කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් මගීන්ට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට පවා නොහැකිවීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවටයි වාර්තා වන්නේ.

එහිදී ගුවන් මගීන් නොසන්සුන්ව හැසිරී ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »