Search

ඕස්ට්‍රේලියානු Passport එකට නව තාක්ෂණික ක්‍රමවේද කිහිපයක්

අලුතින් නිකුත් කෙරෙන ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට නව තාක්ෂණික ක්‍රමවේද කිහිපයක් ඇතුළත් කර තිබෙනවා.

ඡායාරූපය සහිත පිටුව ශක්තිමත් නිමාවකින් සමන්විත වීම – ඉලෙක්ට්‍රොනික චිපයේ දත්ත ආරක්ෂාව ඉහළ නංවා තිබීම ඉන් කිහිපයක්.

R කාණ්ඩයට අයත් මෙම නව විදේශ ගමන් බලපත්‍රය ඔස්ටේ්‍රලියාවට ආවේණික සත්වයන් – ආකර්ෂණීය ස්ථානවල ඡායාරූපවලින් සමන්විතයි.

දැනට ලොව 08 වන බලගතුම විදේශ ගමන් බලපත්‍රය වන ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සහිත අයෙකුට ලොව රටවල් 185 ක නිදහසේ සංචාරය කල හැකියි.

පසුගිය ජනවාරි පළමුවනදා සිට එහි ගාස්තුව ඩොලර් 325 ක්.

2022 වසරේදී ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර මිලියන 2.6 කට වඩා නිකුත් කොට තිබෙනවා.