සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මෙල්බන් ලාංකිකයන්ට දැන් ගෙදරටම

පූර්ණ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නියමිත පෝෂණ ක්‍රමවේදයන්ට අනුව ලබාගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුලු සමස්ත ජනතාවට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

වරලත් පෝෂණවේදියෙකු විසින් වර්ගීකරණ 03 ක් යටතේ මෙම ආහාර සැළසුම් කරනු ලබනවා.

  • කොලස්ටරොල් පාලනය
  • දියවැඩියාව පාලනය
  • බර පාලනය

එම අංග 03 යි.

මෙහිදී පැකේජ 03 ක් යටතේ තමන්ට කැමති ආහාර වෙල් සංඛ්‍යාව ලබා ගත හැකියි.

  1. ආහාරවේල් 05 පැකේජය
  2. ආහාරවේල් 15 පැකේජය
  3. ආහාරවේල් 21 පැකේජය

අවුරුදු 40 ක පළපුරුද්ද සහිත සූපවේදීන් 03 දෙනෙකු විසින් මෙම ආහාර වේල් සකස් කරනු ලබනවා.

නැවුම් බව ආරක්ෂා වන අයුරින් පූර්ණ සනීපාරක්ෂාව සුරැකෙන අයුරින් නිර්මාණය කරන ලද පහසුකම් සහිත වාහන හරහා උදාසන – දවල් – රාත්‍රී ආහාර වේල් නිවසටම බෙදාහැරීම විශේෂත්වයක්.

ඊයේ (26) ආරම්භ කෙරුණු මෙහි පළමු අධියර යටතේ මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මක වනවා.

02 වන අධියර යටතේ සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයද 03 වන අධියර යටතේ අනෙකුත් ප්‍රාන්තද ආවරණය කිරීමටයි මෙම වැදගත් කර්තව්‍යයට මුල පුරනු ලැබූ Ceylon Healthy Food සැළසුම් කර ඇත්තේ.

සෑම සතියකම අලුතින් ආහාර වේල් 63 ක් හඳුන්වාදීමද මෙහි ඇති විශේෂත්වයක්.

ඔබටත් පූර්ණ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නියමිත පෝෂණ ක්‍රමවේදයන්ට අනුව ලබාගැනීම සඳහා කල යුතු වන්නේ ceylonhealthyfood.com.au වෙබ් අඩවියට පිවිස ඔබට කැමති වර්ගීකරණයක් යටතේ සරිලන ආහාර වෙල් පැකේජයක් තෝරා ගැනීම පමණයි.

ඊයේ පැවති මෙහි සමාරම්භක අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් :

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »