ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක විනෝදාංශය හෙළිවෙයි

ඔස්ට්‍රේලියාව තුළ පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් වැටුප් නොමැතිව විවිධ සේවාවල නිරතවීම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ගෘහ සේවය – child care – adult care සහ විවිධ ස්වේච්ඡා කටයුතු ඒ අතර වන බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

වැටුප් ලැබෙන රැකියාවක් නොකරන ගෘහණියක සාමාන්‍ය දිනකදී පැය 04 යි විනාඩි 31 ක කාලයක් කිසිදු ගෙවීමක් නොලබන රාජකාරි සිදුකරන බවද වැටුප් ලැබෙන රැකියාවක් නොකරන පිරිමියෙකු සැළකීමේදී එය පැය 03 යි විනාඩි 12 ක් බවද අනාවරණ වී තිබෙනවා.

වැටුප් ලබන රැකියාවක් කරන පිරිමි අයෙකු දිනකට පැය 08 යි විනාඩි 13 ක කාලයක්ද කාන්තාවක දිනකට පැය 07 යි විනාඩි 12 ක් ද ලෙස රාජකාරි සිදුකරන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් නිවසේ සිටියදී විවේක කාලය ගත කිරීම සඳහා වැඩිම කාලයක් ගතකරනුයේ රූපවාහිනිය නැරඹීමට බවයි තවදුරටත් හෙළිවී ඇත්තේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »