දැඩි උණුසුම හමුවේ දකුණු ඔස්ට්‍රේලියාවට සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

දැඩි උණුසුම හමුවේ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඇඩිලේඩ් නගරයේ උෂ්ණත්වය හෙට සහ අනිද්දා දිනවල සෙල්සියස් අංශක 41 ඉක්මවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

හැකිතාක් නිවෙස් තුළටම වී සිටින ලෙසත් අවශ්‍ය තරම් ජලය පානය කරන ලෙසත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් – කුඩා ළමුන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයන් අවධානම් කාණ්ඩ ලෙසයි සැළකෙන්නේ.

හෙට පස්වරුව වනවිට උණුසුම් කාළගුණ තත්වය නැවතත් අඩු වනු ඇති බවටද අනාවැකි පළවනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »