සිල්ලර වෙළඳ සේවක ආරක්ෂාව තහවුරු කෙරෙන නීති දැඩි කරන්නැයි ඉල්ලීමක්

සිල්ලර වෙළඳසැල් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන නීති දැඩි කරන්නැයි නොදර්න් ටෙරිටරි (Northern Territory) ප්‍රාන්තයේ සේවක සහ හිමිකරුවන්ගේ සංගම් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.

රාජකාරි අතරතුරදී සේවකයන්ට එල්ලවන බලපෑම් ඉහළගොස් තිබීමයි ඊඨ හේතුව වන්නේ.

පසුගිය මාස 12 සැළකූ විට Northern Territory හි සිල්ලර වෙළඳාම් සේවකයන්ට එරෙහි තර්ජන සියයට 85 කින් පමණ වැඩිවී ඇති බව නවතම වාර්තාවක සඳහන්.

ශාරීරික හිංසන – ආහාර පානවලින් පහරදීම් මෙන්ම ඇතැම්විට කෙළ ගැසීම් වැනි සිදුවීම් පවා ඒ අතර වන බවටයි තහවුරු වී ඇත්තේ.

අවි ආයුධ සහ තියුණු ආයුධ සහිතව පැමිණෙන පුද්ගලයන්ගෙන් මරණීය තර්ජන පවා එල්ලවූ අවස්ථාද දක්නට ඇති බව සේවක සංගම් ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් පවතින නීති ශක්තිමත් නොමැතිවීම හමුවේ සැකකරුවන්ට එරෙහිව පියවරක් ගැනීම අසීරු වී ඇති බවයි Northern Territory සේවක වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »