සිඩ්නි සංගීත ප්‍රසංගයකදී මත්ද්‍රව්‍ය අධිභාවිතයෙන් අයෙකු මරුට

සති අන්තයේ සිඩ්නි හිදී පැවති සංගීත සංදර්ශනයකට සහභාගීවුවන් අතුරින් ප්‍රමාණය ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිත කල පුද්ගලයෙකු මියගොස් තවත් 12 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

18,000 කට වැඩි පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වී සිටි බව සඳහන්.

130 දෙනෙකු සඳහා පමණ පළමුවෙන් ප්‍රතිකාර දී තිබූ අතර ඒ අතර සිටි 13 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

මරණයට පත් වී ඇත්තේ ඒ අතර සිටි එක් අයෙකුයි.

මෙහිදී මත්පෙති ළග තබාගෙන සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි නිවු සවුත් වේල්ස් පොලිසිය පියවර ගෙන තිබුණේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »