ශ්‍රී ලංකා ජනගහණයෙන් 35% ආහාර වේල් අඩු කරයි

ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එහි සඳහන්.

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 43 ක් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇතැයි මෙම වාර්තාව පෙන්වා දෙනවා.

සියයට 67 ක් තමන් කෑමට ප්‍රිය කරන ආහාර ගැනීම අතහැර අඩු කැමැත්තක් ඇති මිල අඩු ආහාර වෙත යොමුව ඇති බව සඳහන්.

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය වැඩිම පළාත සියයට 43 ක් වූ ඌව පළාත බවත් ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත සියයට 25 ක් වූ උතුරු පළාත බවත් ලෝක ආහාර වැඩසටහන සඳහන් කලා.

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »