කාන්තා ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 129 ක් රැස්කලා.

නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩනැගීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ නායිකා චමරි අතපත්තුයි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »