Search

වෛද්‍ය උපදෙස් අපේක්ෂා කාලය තවත් ඉහළට

වෛද්‍ය උපදෙස් අපේක්ෂා කිරීම සඳහා ඔස්ටේ්‍රලියානුවෙකුට බලා සිටීමට සිදුවන කාලය තවත් ඉහළ ගොස් තිබෙනවා.

සියයට 39 ක් පමණ පිරිසකට හදිසි ප්‍රතිකාර සඳහා පැය 24 කට ආසන්න කාලයක් රැඳී සිටීමට සිදුව ඇති බව සඳහන්.

2020-21 කාලසීමාවේදී එම අගය පැවතියේ සියයට 34 ක් ලෙසයි.

ප්‍රාදේශීය සහ දුෂ්කර කලාපවල මෙම තත්වය තවත් බරපතල බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

සියයට 31 ක පමණ පිරිසක් ගතවු මාස 12 දී එක් අවස්ථාවකදී හෝ ක්‍රමයට උපදෙස් ලබාගෙන ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිවීමයි මීට මූලික හේතුව වී ඇත්තේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »