
අත්ලාන්තික් සාගරයට ඉහළින් ඔත්තු බැලු යැයි සැක කෙරෙන චීන බැලුනය සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙලනු ලැබූ බව අමෙරිකාව නිවේදනය කරනවා.
චීනය විසින් ගුවන් ගත කරනු ලැබූ බැලුනය මෙම සතිය මුලදී අමෙරිකාවේ, මොන්ටානාහි අහසේ ප්‍රථම වරට දක්නට ලැබුණා.
මෙම චීන බැලුනයට වෙඩි තබා බිම හෙළීමට පෙර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් තොටුපොළවල් කිහිපයක ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබූවා.

මෙම චීන බැලූනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන විශාලත්වයෙන් යුක්ත වූ අතර එය අහසේ අඩි 60,000ක් පමණ ඉහලින් පාවෙමින් තිබු බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කලේ.
මෙම බැලූනය චීනය විසින් ඔත්තු බැලීම සඳහා යොදා ගනු ලබන එකක් බවට අමෙරිකාව සැකපළ කරනු ලැබූ අතර චීනය සඳහන් කලේ එය කාලගුණ තොරතුරු ලබා ගැනීමට යොදා ගන්නා බැලූනයක් බවයි.
