NSW රජය වසරකට මහා මාර්ගවලින් ඩොලර් බිලියන 02 ක් උපයයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග රථවාහන ගාස්තු (toll) හරහා ප්‍රන්ත රජය වසරකට උපයන මුදල ඩොලර් බිලියන 02 කට අධික බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

දිනකට ගාස්තු අය කෙරෙන ගමන් වාර ලක්ෂ 10 ක් පමණ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක බවයි මෙමගින් හෙළිකර ඇත්තේ.

මේ අතර දැනට සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධ තොරතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ලබාදීම පැහැර හැර ඇති බවටද චෝදනා එල්ලවනවා.

ඒවායෙහි වටිනාකම ඩොලර් බිලියන 100 ක් පමණ වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙනවා.

මෙම මුදල්ද ජනතාව ගෙවන බදු මුදල් වන බැවින් ඒවා වියදම් වන ආකාරය දැන ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »