අස්ථානගතවූ අධි විකිරණශීලී කුඩා කැප්සියුලය හමුවෙයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී අස්ථානගතවූ අධි විකිරණශීලී කුඩා කැප්සියුලය සොයාගෙන තිබෙනවා.

පතල් වැඩි වශයෙන් පිහිටා ඇති Newman නගරයේ සිට කිලෝම්ටර් 50 ක් පමණ දුරින් ස්ථානයක තිබියදී එය අද හමූවු බව සඳහන්.

පසුගිය ජනවාරි 10 වනදා එය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයෙන් මාර්ගයට ඇද වැටෙන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

මේ වනවිට එය ආරක්ෂිතව ඉවත් කර ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පර්ත් ආශ්‍රිත කිලෝමීටර් 1400 ක පමණ දිගකින් යුත් මාර්ගයක මෙම කැප්සියුල සොයා විමර්ශන සිදුකෙරුණා.

බළධාරීන් වරෙක එය හඳුන්වා දුන්නේ පිදුරු ගොඩක ඉඳිකටුවක් සෙවීම හා සමාන කරමිනුයි.

ඊට හේතුව වූයේ මෙම කැප්සියුලය මිලිමීටර් 8 – මිලිමීටර් 06 ප්‍රමාණයේ ඉතාම කුඩා එකක් වීමයි.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »