Search

මෙල්බන් හි ඉන්දියානුවන් අතර අසමගිය ඉහළට

මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉන්දීය ප්‍රජාව අතර ගැටුම් වහා නතර කරන්නැයි ආගමික කණ්ඩායම් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂයෙන් සික් ජාතිකයන් සහ අනෙකුත් ඉන්දීය කණ්ඩායම් අතර මෑතක සිට ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තාවන බව සඳහන්.

මීට හේතුව වී ඇත්තේ සික් ජාතිකයන් වැඩි වශයෙන් වාසය කරන පංජාබ් ප්‍රාන්තය ඉන්දියාවෙන් වෙන්ව වෙනම ප්‍රාන්තයක් විය යුතු බවට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ඉන්දියානුවන් අතර පක්ෂ සහ විපක්ෂ මතවාදයක් නිර්මාණය වීමයි.

පසුගිය සති අන්තයේදීත් මෙල්බන් ෆෙඩරේෂන් චතුරස්‍රයේදීත් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබුණා.

2016 සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ සික් ජාතිකයන් සංඛ්‍යාව සියයට 60 කින් ඉහළගොස් ඇති අතර මෙ වනවිට සමස්ත රට තුළ වාසය කරන සික් ජාතිකයන් ගණන 210,400 ක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »