
අදට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව ඇගයීමට ලක් කෙරුණු ඔස්ටේ්‍රලියානු පුරවැසියන් 1047 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපත ලැබූ 04 දෙනෙකුද ඇතුළත්ව තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවට – එහි ජනතාවට සහ ප්‍රජාව වෙනුවෙන් ඉටුකල සේවය ඇගයීම සඳහායි කාණ්ඩ කිහිපයක් යටතේ සෑම දිනයකදීම ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් මෙම ඇගයීම සිදුකරනු ලබන්නේ.
මෙවර එම ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ අය වන්නේ සෙල්වරාජා මුරලිදරන් – ගයිල්ස් ගුණසේකර – මහාචාර්ය තිස්ස විජේරත්න සහ සෙල්වමානික්කම් සින්නතම්බි යන පිරිසයි.

වික්ටෝරියා හි වාසය කරන ලාංකික ද්‍රවිඩ ප්‍රජාවගේ අධ්‍යාපනය නගා සිටුවීමට කල මෙහෙය සළකා සෙල්වරාජා මුරලිදරන් ඇගයීමට ලත් කෙරුණා.
සමාජ සුභසාධනය සහ ප්‍රජාව වෙනුවෙන් කල මෙහෙවර උදෙසායි ගයිල්ස් ගුණසේකර අද පිදුම් ලැබුවේ.

ස්නායු පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය තිස්ස විජේරත්න ඇගයීමට ලක් කෙරුණේ ඔස්ටේ්‍රලියානු වෛද්‍ය විද්‍යාව උදෙසා ඉටු කල සේවය සළකා බලමිනුයි.
ආගමික කටයුතු සඳහා දැක්වූ කැප කිරීම් වෙනුවෙන් සෙල්වමානික්කම් සින්නතම්බි අද ආණ්ඩුකාර ජනරාල්වරයා අතින් ඇගයීමට ලක්වුණා.