චීනයෙන් ඔස්ටේ්‍රලියාවට කණේ පහරක් – ලංකාවට මල් මිටක්

චීන ජාතිකයන් සංචාරක කණ්ඩායම් ලෙස සංචාර සඳහා යොමු කල හැකි රටවල් 20 ක ලැයිස්තුවක් චීන රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ඔස්ටේ්‍රලියාව ඇතුළත්ව නොමැති නමුත් ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එය චීනයෙන් පැමිණෙන සංචාරකයන් සඳහා අමතර කොවිඩ් පරීක්ෂණ රෙගුලාසි පැණවීමට ඔස්ටේ්‍රලියාව විසින් ගනු ලැබූ තීරණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි සැළකෙන්නේ.

මෙම තීරණය හමුවේ ඔස්ටේ්‍රලියාවේ සංචාරක ආදායමට සැළකිය යුතු බලපෑමක් එල්ලවනු ඇති බවද සඳහන්.

චීන ජාතිකයන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වීම ඊට හේතුවයි.

2019 වසරේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි චීන සංචාරකයන් ලක්ෂ 14 කට ආසන්න පිරිස හේතුවෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 10.3 ක් ලෙසටයි ගණන් බලා තිබුණේ.

කෙසේවෙතත් තනි සංචාරකයන් සඳහා මෙම තීරණය බල පාන්නේ නැහැ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »