ලෝකයේ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන්

ලෝකයේ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2 යි දශම 7 ක්.

මෙම මැඩියන් විශේෂය 1935 දී පළමු වරට සොයාගෙන ඇත්තේද ඕස්ට්‍රේලියාවෙන්.

අලුතින් සොයාගත් මැඩියා බිඳ හෙලා ඇත්තේ 1991 වසරේ ස්වීඩනයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 2 යි දශම 6 යි 5 ක් වූ මෙතෙක් ලොව විශාලතම මැඩියාගේ වාර්තාවයි.

මෙම මැඩියා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක බරින් යුක්ත බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

වැසි වනානන්තරවල වැඩි වශයෙන් ජීවත් වන මෙම මැඩියන් විශේෂය පරිසර පද්ධතියට හානිකරන සත්ව විශේෂ අතරින් එකක් වන අතර එහි ගහණය මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »