Search

VIC – NSW කොවිඩ් මරණ යළි ඉහළට

ගතවූ දින 07 තුළදී ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් ඇතත් ප්‍රධාන ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ් මරණ සැළකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා.

පසුගිය සතියේදී සමස්ත රටින්ම වාර්තා වී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 30,157 ක් වන අතර ඉන් බහුතරය වන 4308 සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

පෙර සතියේදී එහි සටහන්වු ආසාධිතයන් ගණන 14,053 ක්.

ගතවූ සතියේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 131 ක් වාර්තා වී ඇති අතර ඊට පෙර සතියේදි මරණ 112 ක් වාර්තා වී තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවු සතියේදී කොවිඩ් මරණ 156 ක් වාර්තා වී ඇති අතර ඊට පෙර සතියේදි මරණ 148 ක් වාර්තා වී තිබුණා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »