අසාධාරණ ගාස්තු අයකරන බවට මෙල්බන් ටැක්සි රියදුරන්ට යළිත් චෝදනා

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අසළ සිටින ටැක්සි රියදුරන් විසින් අසාධාරණ ගාස්තු අයකරන බවට චෝදනා එල්ල වි තිබෙනවා.

මෙය වික්ටෝරියා ප්‍රාන්තයට මෙන්ම සමස්ත ඔස්ටේ්‍රලියාවටම අපකීර්තියක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ටෙනිස් තරග අවසන්වීමේදී මධ්‍යම රාත්‍රියට ආසන්න වන බැවි් බොහෝ රියදුරන් ටැක්සි මීටර් ක්‍රියාවිරහිත කර අධික මිළ ගණන් අයකරන බවටද වාර්තා වනවා.

කිලෝමීටර් 10 ක පමණ දුරක් යාම සඳහා ඩොලර් 125 ක් වැනි ඉහළ ගාස්තුවක් අයකල රියදුරන්ද සිටින බවටයි තහවුරු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයන් අති බහුතරයක් මෙම ක්‍රියාව හමුවේ දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව සඳහන්.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »