ක්වන්ටාස් ගුවන් යානයක් අදත් අතරමග හරවාගෙන එයි

නවසීලන්තයේ සිට පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක එක් එන්ජිමක් හදිසියේ ක්‍රියා විරහිතවීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ඔස්ටේ්‍රලියා ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අදාළ ගුවන් යානයේ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය හෙවත් කලු පෙට්ටියද සිය භාරයට ගෙන ඇති බවයි ඔවුන් නිවේදනය කලේ.

අඩි 36,000 ක් උසකින් ගමන් කරමින් තිබූ මෙම යානය එක් වරම අඩි 20,000 ක් පහළට ගමන් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර අද දිනයේදී ෆිජී දක්වා ගමන් කරමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක්ද ගුවන් ගමන අතරමග නැවතත් සිඩ්නි නුවරට හරවාගෙන පැමිණ තිබෙනවා.

ඒ පැය 02 ක් උඩු ගුවනේ රැඳී සිටීමෙන් අනතුරුවයි.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »