බටහිර ඔස්ටේ්‍රලියාවත් නාසි සංකේතවලට වැට බඳී

නාසි සංකේත ප්‍රදර්ශනය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි හඳුන්වාදීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයද සූදානම් වනවා.

ඒ අනුව ස්වස්තිකය ඇතුලු ලාංඡන ප්‍රදර්ශනය කරන හෝ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති පැණවීමට නියමිතයි.

පච්ච ලෙස නාසි සංකේත භාවිතයද මේ යටතේ තහනම් කෙරෙනු ඇති.

ඇතැම්විට සිර දඩුවම් පවා නියමවිය හැකි මීට අදාළ නීති රෙගුලාසි සකස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සඳහන් කලා.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන් විසින් නාසි සංකේත ප්‍රදර්ශනය මේ වනවිට අපරාධමය වරදක් බවට පත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රාන්ත රජයන් විසින්ද එවැනි නීති හඳුන්වාදීමටයි සූදානමින් පසුවන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »