ක්වන්ටාස් ගුවන් යානයක් උඩු ගුවනේදී කාර්මික දෝෂයක

උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක්වූ ක්වන්ටාස් ගුවන් යානයක් ආරක්ෂිතව සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

QF 144 දරන බෝයිං 737 වර්ගයේ මෙම යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් ගමන් ආරම්භ කර තිබුණේ මගින් 168 දෙනෙකුද සමගයි.

අඩි 38,000 ක් උඩු ගුවනේ ගමන් කරමින් තිබූ යානය ඔස්ටේ්‍රලියාව ආසන්නයේදී එක්වරම අඩි 20,000 ක් දක්වා පහතට වැටී තිබුණා.

ගුවන් යානයේ එක් එන්ජිමක හටගත් කාර්මික දෝෂයක් මීට බලපා ඇති අතර ඒ අනුව අනතුරු ඇගවීම් සංඥාවක් නිකුත් කිරීමටයි නියමුවන් පියවර ගෙන ඇත්තේ.

සිඩ්නි වේලාවෙන් පස්වරු 03.28 ට මෙම ක්වන්ටාස් ගුවන් යානය සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර මගීන් කිසිවෙකුටත් බලපෑමක් සිදුවී නොමැති බව සඳහන්.

මෙම සිදුවීම අද වාර්තාවූයේ ලොව ආරක්ෂිතම ගුවන් සේවය බවට ක්වන්ටාස් ගුවන් සේවය නම් කර දින කිහිපයක් ගතවීමට පෙරවීමද විශේෂත්වයක්.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »