Search

ඔස්ටේ්‍රලියාවට සුනඛයන් සහ බළලුන් ආනයනය කිරිමේදී නව නීති

ඔස්ටේ්‍රලියාවට සුනඛයන් සහ බළලුන් ආනයනය කිරිමේදී නව නීති මාලාවක් පණවා තිබෙනවා.

ඒ අනුව ලබන මාර්තු පළමුවනදා සිට නව නිරෝධායන රෙගුලාසි මාලාවක් බලාත්මක වනු ඇති.

දැනට දින 10 ක් ලෙස පවතින නිරෝධායන කාල සීමාව දින 30 ක් දක්වා වැඩි කිරීම ප්‍රධාන වෙනසක් වනවා.

ජලභීතිකාව ඇතුලු රෝග කිහිපයකින් ඔස්ටේ්‍රලියානුවන් බේරා ගැනීම මෙහි අරමුණ බවයි ෆෙඩරල් රජය සඳහන් කලේ.

අදාළ සත්වයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම මෙන්ම පරීක්ෂණ ක්‍රමවේදයට නව නීති හඳුන්වා දීම මේ යටතේ සිදුකර තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »