Search

වික්ටෝරියාවේ අවුරුදු 11 දරුවන්ටත් රැකියා කරන්න අවසර

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියාවක නිරතවිය හැකි අවම වයස අවුරුදු 11 දක්වා පහළ දමා තිබෙනවා.

ප්‍රාන්ත වැටුප් සුපරීක්ෂණ ආයතනය සඳහන් කලේ උද්ගතව ඇති දැඩි සේවක හිගය හමුවේ මෙම අවසරය ලබාදීමට සිදුවූ බවයි.

කෙසේවෙතත් අවුරුදු 11 ත් 14 ත් අතර ළමුන් රැකියා සඳහා යොදවා ගත හැකි වනුයේ පාසල් වේලාවෙන් අනතුරුව දිනකට පැය 03 ක කාලයක් සඳහා පමණයි.

අවන්හල් සහ අනෙකුත් සිල්ලර වෙළඳසැල්වල ඩිලිවරි රැකියා සඳහා පමණක් අවුරුදු 11 ට වැඩි ළමුන් යොදාගත යුතු බවටද නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

අදාළ පැය 03 කාලය තුළ විනාඩි 30 ක වැටුප් සහිත විවේක කාලයන් ලබාදිය යුතුයි.

කිසියම් අයුරකින් නියමිත රෙගුලාසි කඩ කර ළමුන් සේවයේ යොදවන්නේ නම් අදාළ සේවා යෝජකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත වැටුප් සුපරීක්ෂණ ආයතනය අවධාරණය කරන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »