නව රජයේ පළමු මාස 06 තුළදී නව රැකියා 234,000 ක්

ඔස්ටේ‍රලියානු ආර්ථිකය මෙම වසරේදී ඉහළයෑම් සහ පසුබෑම්වලින් සමන්විත මිශ්‍ර ස්වරූපයක් ගනු ඇතැයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් පවසනවා.

රැකියා තත්වය පිළිබඳ සතුටුදායක තත්වයක් පැවතියද යුක්රේන රුසියා අර්බුදය වැනි පාලනය කල නොහැකි ඇතැම් සාධක හමුවේ ඔස්ටේ්‍රලියා ආර්ථිකයටද බලපෑම් එල්ලවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නව රජය බලයට පත්වී පළමු මාස 06 තුළදී එනම් පසුගිය වසරේ මැයි සිට නොවැම්බර් දක්වා මාස 06 තුළදී නව රැකියා 234,000 ක් නිර්මාණය වී ඇති බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

එය සංවර්ධිත අනෙකුත් රටවල් හා සැසඳීමේදී ශක්තිමත් ස්ථාවරයක් බව ඔහුගේ අදහසයි.

ඉදි කිරීම් – සිල්ලර වෙළඳාම් සහ ආගන්තුක සත්කාර වැනි සෑම අංශයකින්ම රැකියා වර්ධනය වී ඇති බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් ප්‍රකාශ කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »