ශ්‍රී ලංකාවට ලකුණු 317 ක අමිහිරි පරාජයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවට ලකුණු 317 ක අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 317 ක අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

මෙය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා කළ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී  කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබාගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළේය.

කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එක්විය.

ශුබ්මන් ගිල් පන්දු 93කදී ලකුණු 116ක් රැස්කළ අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 42ක් රැස්කළේය.

ජයග්‍රාහී ලකුණු 391ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේ සියදුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යැමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් දවාගත් අතර කුල්දීප් යාදෙව් සහ මොහොමඩ් ෂාමි කඩුලු දෙක බැගින් දවාගත්හ.

COMMENTS