ක්වීන්ස්ලන්තයේ 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම COVID-19 දඩ මුදල් ගෙවීමට අපොහොසත් වේ.

ක්වීන්ස්ලන්තයේ 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම COVID-19 දඩ මුදල් ගෙවීමට අපොහොසත් වේ.

Nine out of 10 Queenslanders failing to pay COVID-19 fines.

ක්වීන්ස්ලන්තයේ COVID-19 නීති උල්ලංඝ​නය කළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම​ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වන අතර ප්‍රාන්ත රජය විසින් මිලියන ගණනක් නොගෙවූ දඩ මුදල් බලාපොරොත්තුවෙන් සිටී.

මාර්තු 19 සිට සැප්තැම්බර් 29 දක්වා කාලය තුළ ක්වීන්ස්ලන්තයේ කොරෝනා වෛරස් සෞඛ්‍ය නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2296 දෙනෙකුට ඩොලර් මිලියන 3.5 ක දඩ මුදලක් නියම කරන ලදී. නමුත් රජයට අනුව දඩ මුදල් ගෙවා ඇත්තේ 216 ක් පමණි.

ඉහළ පෙළේ නීතිඥ Bill Potts පැවසුවේ සමහර අය මුදල් නොගෙවීම පුදුමයක් නොවන බවයි. “යථාර්ථය නම් මහජන ආරක්ෂාව සහ ප්‍රජාවේ සෞඛ්‍යය සඳහා පනවා ඇති නීති උල්ලංඝනය කිරීමට පුද්ගලයෙකුට හැකි නම් එම පුද්ගලයා දඩ නොගෙවීම පුදුමයක් නොවේ.” ඔහු පැවසීය​.

තවද​, පොලිස් කොමසාරිස් Katarina Carroll පැවසුවේ “තරමක් ඉහළ ප්‍රතිශතයක්” හෝටල් නිරෝධායනය සඳහා බිල් ගෙවීමට ද අපොහොසත් වී ඇති බවයි.

ක්වීන්ස්ලන්තයේ COVID රෙගුලාසි යටතේ, මිනිසුන්ට දඩ මුදල් ගෙවීමට නොහැකි නම් State Penalties Enforcement Registry debt (SPER) වෙතට එම පුද්ගලයින් ඇතුලත් කරනු ඇත​.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »