Search

ඔස්ටේ්‍රලියාවේ ව්‍යාජ අධ්‍යාපන වෙබ් අඩවිවලට වැට බැඳේ

ව්‍යාජ අධ්‍යාපන වෙබ් අඩවි 40 කට පිවිසීම ෆෙඩරල් රජය විසින් අවහිර කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පැවසුවේ මින් ඇතැම් වෙබ් අඩවි සඳහා මාසයකට 450,000 ක පමණ පිවිසුම් වාර සටහන්ව තිබූ බවයි.

සිසුන් අපරාධ සඳහා යොමු කරවීම – කප්පම් ගැනීම වැනි දෑ සඳහා සිසුන් පෙළඹවීමද මෙම වෙබ් අඩවි සඳහා පැවති චෝදනා අතරට අයත්.

2020 වසරේදි ඔස්ටේ්‍රලියාව තුළ සම්මත කල නිතියක් අනුව වාණිජ කරුණු පදනම්ව වංචනික ක්‍රියා සිදුකිරීම අපරාධමය චෝදනා ගොණු කල හැකි වරදක්ද වනවා.

ඉදිරයේදී මෙවැනිම තවත් වෙබ් අඩවි හඳුනාගැනීමට පියවර ගන්නා බවටයි රජය දන්වා සිටින්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »