ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමේ හෝ සේවා අඩු කිරීමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර නොතිබීමයි.
දැනට ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථාන 45 ක් පවතින අතර ඉන් 27 ක් මෙම අවධානමට මුහුණපා තිබෙනවා.
එම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 3.4 ක මුදලක් මෙවර අයවැයට අන්තර්ගතවී නොමැති බවටයි වාර්තා වන්නේ.
ඔස්ටේ්‍රලියාව පුරා විහිදී සිටින ස්වෙච්ඡා සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්න බව සඳහන්.