ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රමාද විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ජාත්‍යන්තර බැංකුව පවසනවා.

ඔවුන් විසින් සිදුකරන ලද නවතම ඇගයීම් වාර්තාවක මේ බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම වසර අවසානය දක්වා කල් යනු ඇති බවයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සඳහන් කර සිටින්නේ.

ණය හිමියන් සමග සාකච්ඡා තවදුරටත් ප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට එළැඹීමට හැකිවන්නේ 2023 අවසානය වන විට පමණක් බව ඔවුන් අවධාරණය කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය ද පියවර ගෙන තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »