Search

ලිංගික අධ්‍යාපන නව පාඩම් මාලාවක් බටහිර ඔස්ටේ්‍රලියා විෂය මාලාවට

ලිංගික අධ්‍යාපනය සහ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නව පාඩම් මාලාවක් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වාලීම එහි මූලික අරමුණ බව ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

මීට අදාලව සිසුන් අතර පැවැත්වූ මත විමසුමක ප්‍රථිඵල මත මෙම නව පාඩම් මාලාව සකස් කෙරුණු බව බටහිර ඔස්ටේ්‍රලියාව සඳහන් කලා.

මේ දිනවල මීට අදාළව මහජන අදහස් ලබාගැනීමක් ද ආරම්භ කර ඇති අතර එහිදී ඉදිරිපත්වන අදහස් හා යෝජනාද සැළකිල්ලට ගැනීමට නියමිතයි.

අනතුරුව තෝරාගත් ශ්‍රේණියක සිට ඉහළට ඇති ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ඉගැන්වීම සිදුකෙරෙනු ඇති.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »