
ඔස්ටේරලියා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම පරාජයට පත්කර ළකුණු 20 ක ජයක් ලබාගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගය පැවැත්වුණේ ඇඩිලේඩ් හිදීයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ළකුණු 202 ක් රැස් කලා.

ශ්‍රී ලංකාවේ උපත ලබා දැන් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන රුවන් කැල්ලපොත කඩුලු 02 ක් බිඳහෙලුවේ ළකුණු 32 කටයි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල මෙල්බන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 182 ක් පමණයි.

ඔස්ටේරලියා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්‍රිස්බන් සහ පර්ත් කණ්ඩායම් අතර තරගය අද බ්‍රිස්බන් හිදී පැවැත්වෙනවා.