VIC – NSW කොවිඩ් රෝගීන් හා මරණ පහළට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 38,610 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 27,665 ක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 78 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් මරණ 32 ක් දක්වා පහත වැටී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ද පසුගිය සතියට වඩා මේ සතියේ වාර්තා වූ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 16,568 ක් සහ මරණ 69 ක් සටහන් වී තිබෙනවා.

නව අවුරුදු සැමරුමට යන විට, කොවිඩ්-ආරක්ෂිත සැලැස්මක් සමඟ කොවිඩ් ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාව දිරිමත් කරනවා.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්, බාහිර හෝ හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශවල රැස්වුවහොත්, මුව ආවරණ පළඳින්න, නැතිනම් ඔබට භෞතිකව දුරස් විය නොහැකි ස්ථානයකදී පැළඳීමට මුව ආවරණයක් අතේ තබා ගන්නා ලෙස ඔවුන් ජනතාවට උපදෙස් දී තිබේ.

(SBS)

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »