වික්ටෝරියා වාහන අංක තහඩු අද සිට වෙනස් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අද සිට නිකුත් කරන වාහන අංක තහඩු නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ප්‍රාන්ත රජය සඳහන් කලේ එහිදී නව අභ්‍යන්තර ආරක්ෂක අංගයක් හඳුන්වා දීම හරහා අපරාධ සහ අංක තහඩු සොරකම් අවම වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නීති විරෝධී ලෙස වාහන අංක තහඩු නිපදවීමද අපහසු වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

නව වාහන අංක තහඩුවල විශේෂත්වය වන්නේ අද සිට නිකුත් කෙරෙන වාහන අංක තහඩුවේ කුඩා කවයක් තුළ VIC ලාංඡනය සටහන් කර තිබීමයි.

රසායනික හෝ භෞතික ක්‍රම මගින් ඉවත් කිරීමට තැත් කළද තහඩුවට හෝ නිමි ස්ටිකරයට හෝ හානියක් සිදු කිරීමකින් තොරව අදාළ ආරක්ෂක සලකුණු ගැලවිය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරනවා.

ලබන වසර තුළදී නව අංක තහඩු 430,000 ක් පමණ නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මේ සඳහා වික්ටෝරියා රියදුරන්ට අමතර පිරිවැයක් දැරීමට සිදු නොවන බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රකාශ කලා.

(SBS)

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »