Search

ඔස්ටේ්‍රලියාවේ සිරකරුවන් සීඝ්‍රයෙන් අඩුවෙයි

PRISON

ඔස්ටේ්‍රලියාව තුළ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් ඇතුලු විවිධ දඩුවම් විඳින්නන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයෙන් අවසන්වූ කාර්තුව තුළ පොලිස් අත්අඩංගුවේ සිටි සංඛ්‍යාව 40,330 ක් ලෙස වාර්තා වන අතර එය 2016 දෙසැම්බර් කාර්තුවෙන් පසු සටහන් වන අඩුම ගණනයි.

මින් වැඩිම පිරිස වන 12,317 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද – දෙවන ස්ථානයට 9,149 ක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද – 03 වන ස්ථානයට 6,659 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන්ද වාර්තා වනවා.

මාර්තු කාර්තුවේදී සිර දඩුවම් විඳිමින් සිටි සංඛ්‍යාව 25,331 ක් ලෙස වාර්තා වන අතර එය 2021 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේදී සියයට 6 ක පහළයාමක්.

වැඩිම සිරකරුවන් පිරිසක් සිටිනුයේ Northern Territory හි වන අතර එය සංඛ්‍යාත්මකව 1,020 ක්.

අඩුම සිරකරුවන් පිරිසක් ACT ප්‍රාන්තයේ සිටින අතර දෙවන අඩුම සිරකරුවන් පිරිසක් සිටින ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව ඇත්තේ සිරකරුවන් 128 ක් සමගිනුයි.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »