බාලි ගිය ජෙට් ස්ටාර් අත්වැරැද්දකින් යළි මෙල්බන් එයි

මෙල්බන් සිට ඉන්දුනීසියාවේ බාලි දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබෑමට ටික වේලාවක් තිබියදී ආපසු මෙල්බන් දක්වා හරවාගෙන පැමිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෙට් ස්ටාර් ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයැද තිබෙනවා.

පසුගිය අගහරුවාදා පස්වරු 06 ට මෙල්බන් ගුවන් තොටුපළින් පිටත්වීමට නියමිතවු JQ 35 ගුවන් යානය ගමන් ආරම්භ කර ඇත්තේ පැය 05 ක පමණ ප්‍රමාදයක් සහිතවයි.

වෙනත් දිනවල අදාළ ගුවන් ගමන සඳහා යොදා ගන්නා ගුවන් යානය වෙනුවට එදින යොදාගෙන ඇත්තේ බෝයිං 787 වර්ගයේ විශාල ගුවන් යානයක් බව සඳහන්.

එය බාලි වෙත ගොඩබෑමට විනාඩි කිහිපයකට පෙර ඉන්දුනීසියානු බළධාරීන් දන්වා ඇත්තේ විශාල ගුවන් යානයක් ගොඩබෑමට ගුවන් ධාවන පථය සූදානම් කර නොමැති බැවින් ඊඨ අවසර දිය නොහැකි බවයි.

ඒ අනුව නැවතත් යානය මෙල්බන් දක්වා හරවාගෙන පැමිණිමට ජෙට් ස්ටාර් නියමුවන් කටයුතු කර තිබුණා.

මෙය සන්නිවේදන දුර්වලතාවයක් හේතුවෙන් සිදුවූ අත්වැරැද්දක් බවයි ජෙට් ස්ටාර් ගුවන් සේවය පවසන්නේ.

අදාළ ගුවන් ගමනට නියමිතව සිටි සියලු ගුවන් මගීන්ට මෙල්බන් නුවර හෝටල් පහසුකම් ලබාදී ඇති අතර අද දිනයේදී වෙනත් ගුවන් යානයකින් ඔවුන් බාලි දක්වා පිටත් කර හැරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »