මුල් මාස 11 දී ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ 3.2% කින් පහළට

මෙම වසරේ මුල් මාස 11 සැළකීමේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සියයට 3.2 කින් පහළ ගොස් තිබෙනවා.

ප්‍රාන්තවල ප්‍රධාන නගරවල නිවාස මිළ ගණන් අඩුවීම සියයට 5.2 ක් ලෙස සටහන් වන අතර ප්‍රාදේශීය කලාපවල මිළ ගණන්වල පහළයාම සටහන් වන්නේ සියයට 3.3 ක් ලෙසයි.

වැඩිම මිළ ගණන් අඩුවීමක් වාර්තා කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේයි.

නිවාස මිළ ගණන්වල වැඩිම ඉහළයාම සටහන් වන්නේ ඇඩිලේඩ් නගරයේ බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

ලබන වසරේදී නිවාස මිළ ගණන් සුලු වශයෙන් ඉහළ ගොස් 2024 දී නැවතත් අඩුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

සංචිත බැංකුව විසින් නැවත පොළී අනුපාත තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි 07 වනදායි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »