ACT මැතිවරණයෙන් ජයග්රහණය කම්කරු පක්ෂය වෙතට!
Labor claims victory in ACT election with Chief Minister Andrew Barr returning for another term!
කම්කරු පක්ෂය විසින් ACTහි තවත් මැතිවරණ ජයග්රහණයක් ලබාගෙන ඇත්තේ මහ ඇමති Andrew Barr තවත් ධුර කාලයක මුලසුන හොබවන බැවිනි.
අද(17/10) රාත්රියේ මහ ඇමති Andrew Barr පැවසුවේ ඡන්දදායකයින් තමා ඇතුළු පක්ෂය වෙත විශ්වාස කරමින් ඡන්දය දීම පිළිබඳව තමා ආඩම්බර වන බවයි.
කැන්බරා වැසියන් හට Andrew Barr “විශ්වසනීයත්වය සහ අත්දැකීම්” ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ අතර විපක්ෂ නායක Alastair Coe සිය උත්සාහයන් කැන්බරා වැසියන් වෙත වඩාත් දැරිය හැකි ජීවන වියදම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළේය.