ලියාපදිංචි නොවු සමාගම් අධ්‍යක්ෂවරුන්ට තවත් සති 02 ක්

ලියාපදිංචි අංකයක් ලබාගැනීමට නොහැකිවු ඔස්ටේ්‍රලියාවේ සමාගම් අධ්‍යක්ෂවරුන් සඳහා තවත් සති 02 ක කාලයක් දීමට ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය තීරණය කර තිබෙනවා.

දැනට මෙරට සමාගම් අධ්‍යක්ෂවරුන් මිලියන 2.5 කට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 07 කට ආසන්න පිරිසක් ඊයේ වනවිට ලියාපදිංචි වී නොසිටි බවයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

විවිධ වංචා වැලැක්වීම සහ සමාගම් අභ්‍යන්තරයේ සිදුකරන විවිධ අයථා ක්‍රියා වළක්වාලීමේ අරමුණ ඇතිවයි බදු කාර්යාලය විසින් මෙම අනන්‍ය අංකය ලබාගන්නා ලෙස සමාගම් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දීමක් සිදුකලේ.

ඊයේ දිනය වනවිට එලෙස ලියාපදිංචි නොවී සිටි සෑම අයෙකුටම ඩොලර් 13,000 ක දඩ මුදලක් පණවන බවටත් බදු කාර්යාලය විසින් අනතුරු අගවා තිබුණා.

කෙසේවෙතත් ප්‍රමාණවත් කාලයක් නොලැබීම සහ තමන් දැනුවත්ව නොසිටි බවට සමාගම් අධ්‍යක්ෂවරුන් සැළකිය යුතු පිරිසක් විසින් දන්වා තිබීම හමුවේ අමතර සති 02 ක කාලයක් ඒ සඳහා ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

ලියාපදිංචි කාලය තුළදී වැඩිම අධ්‍යක්ෂවරුන් පිරිසක් අදාළ අංකය ලබාගෙන තිබුණේ පසුගිය 28 වනදා වන අතර එය 78,000 කට අධිකයි.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »