රස දුම්වැටිවලට ඔස්ටේ්‍රලියාවෙන් තහණමක් – පෙනුමත් කැත වෙයි

මෙන්තෝල් වැනි විවිධ රසයන්ගෙන් යුත් දුම්වැටි තහණම් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම දුම්වැටි අසුරණ ආකර්ශනීය නොවන අයුරින් මුද්‍රණය කරන ලෙසටද නිෂ්පාදකයන්ට දන්වා සිටීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව තුළ දුම්වැටි භාවිතය හැකිතාක් අවම කිරීම අරමුණු කරගනිමින් ෆෙඩරල් රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය විද්‍යුත් දුම්වැටි පාලනයට සහ නියාමනයට විධිමත් පියවර ගැනීම කෙරෙහිද සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇති බව සඳහන්.

දැනට දිනකට ලක්ෂ 04 කට ආසන්න පිරිසක් vape උපකරණ භාවිත කරන අතර ඉන් සියයට 10 ක් පමණ වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණ තරුණියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දුම්වැටි භාවිතය සම්බන්ධ රෝග හමුවේ පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියා රජයට දැරීමට සිදුවු පිරිවැය ඩොලර් බිලියන 81 ක් බවට ගණන් බලා තිබෙනවා.

2030 වසර වනවිට දුම් පානය කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 05 කට අඩු කිරීමයි ෆෙඩරල් රජයේ ඉලක්කය වී ඇත්තේ.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »