
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදන හා බැඳි සම්බන්ධතා සෙවීමට දුරකථන වාර්තා ලබා ගැනීමට පියවර
Victoria’s COVID contact tracers could access phone records in response to Shepparton outbreak
මිනිසුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා දුරකථන වාර්තා වෙත පිවිසීමට බලධාරීන්ට බලය තිබෙන බවට වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසීය.

කලාපීය වික්ටෝරියානු නගරයක් වන Sheppartonහි COVID-19 පැතිර යාම හා සම්බන්ධ ට්‍රක් රියදුරු රෝග විනිශ්චය කිරීමට පෙර ඔහු ගිය ස්ථාන ගැන බලධාරීන් නොමඟ යවා ඇති බව අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
වික්ටෝරියානු අගමැති Daniel Andrews පවසන්නේ මෙම නඩුව විභාග කිරීමට වික්ටෝරියා පොලිසියට යොමු කර ඇති බවයි.
කලාපීය සංචාරක බලපත්‍රයක් තිබූ ට්‍රක් රථ රියදුරුට ඔහුගේ ගමන් ඉතිහාසය ගැන බොරු කීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

රෝග විනිශ්චය කිරීමට පෙර දිනවල ආසාදිතයන්ගේ ගමන් බිමන් පිළිබඳ “සෑම සවිස්තරාත්මක විස්තරයක්ම” ඉල්ලා සිටි බව Andrews පවසයි.
ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසන්නේ සත්‍යය පැවසීමට බලධාරීන් මිනිසුන් මත විශ්වාසය තබන අතරම, වෙනත් ක්‍රම මගින් හෝඩුවාවක් ගැනීමට නිලධාරීන්ට ඉඩ දෙන බලතල ඔවුනට භාවිතා කළ හැකි බවයි. එවැනි අසත් තොරතුරු ලබා දී ඇතැයි සැක කරන අයගේ දුරකථන හෝ ට්‍රක් සටහන් වලට ප්‍රවේශ විය හැකි බව ඔහු පවසයි.