මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සමග සැකකරුවන් 06 ක් අත්අඩංගුවට

අමෙරිකාවේ සහ යුරෝපයේ සිට ඔස්ටේ්‍රලියාවට එවා තිබූ ඩොලර් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 06 දෙනෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාස 18 ක් පුරා සිදුකල සෝදිසි මෙහෙයුමකට අනුවයි වයස අවුරුදු 28 ත් 44 ත් අතර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔවුන් සතුව තිබී ඩොලර් මිලියන 03 ක් වටිනා මුදල් සහ මත්ද්‍රව්‍ය කිලෝ 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැණුනා.

විමර්ශන අවසානයේ මෙම ජාලයේ තවත් සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

https://www.abc.net.au/news/2022-11-24/nsw-international-drug-ring-members-arrested/101691518

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »