e-bikes & scooters භාවිත කරන්නන්ට අනතුරු ඇගවීමක්

lithium-ion බැටරි යොදාගන්නා ක්‍රීඩා උපකරණ භාවිතයේදී ගිනි ගැනීම් ඇතිවීමේ අවධානම සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.

විශේෂයෙන් මෙවැනි බැටරි භාවිත කරන e-bikes, e-scooters සහ e-skateboards වැනි දෑ නත්තල් සමයේදී තෑගි ලෙස ලබාදීමේ ඉහළ ප්‍රවණතාවයක් පැවතීම ඊට හේතුවයි.

මෙවැනි බැටරි ගබඩා කිරීමේදී සහ ආරෝපණය කිරිමේදී විමසිලිමත් වන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

කිසියම් ආකාරයකින් දුමක් වැනි යමක් නිරීක්ෂණය කලහොත් වහා ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසද දන්වා සිටිනවා.

බැටරි ගිනි ගැනීම සම්බන්ධයෙන් මෑතකාලීනව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වූ සිදුවීම් ගණන 180 කට ආසන්න බව සඳහන්.

පසුගිය වසරේදී එය සටහන් වූයේ අනතුරු 16 ක් ලෙසයි.

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »