ඔස්ටේ්‍රලියාවට මුහුදෙන් භාණ්ඩ එවන්නන්ට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාවට මුහුදු මාර්ගයෙන් (sea mail) එවන භාණ්ඩ නැවත භාරගැනීමට Australia Post තීරණය කර තිබෙනවා.

විවිධ නීති විරෝධී ද්‍රව්‍ය පැමිණීමේ අවධානම ඉහළ මට්ටමක පැවතීම සහ නත්තල් සමය ඉලක්ක කර අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී පැවතීම හමුවේ හරහා පැමිණෙන භාණ්ඩ භාර නොගැනීමටයි Australia Post පසුගිය ඔක්තෝබර් මාසයේදී කටයුතු කලේ.

ගුවන් භාණ්ඩ වලට වඩා සැළකිය යුතු කාලයක් ගතවුවද පිරිවැය අවම වීමත් – විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර යැවීමටත් හැකිවීම හමුවේ මුහුදු මාර්ගයෙන් භාණ්ඩ යැවීම ලාභදායික ක්‍රමයක් ලෙසයි සැළකෙන්නේ.

මුහුදු මාර්ගයෙන් එවන සෑම භාණ්ඩයක්ම වෙන වෙනම පරීක්ෂා කල යුතුවීම හමුවේ ඒවා නිෂ්කාශනයට වැයවන කාලයද ඉහළ මට්ටමක පවතිනවා.

කෙසේවෙතත් දේශ සීමා ආරක්ෂණ නිළධාරීන්ගේද සහය මත නැවත වරක් සේවා ආරම්භ කෙරෙන බවයි Australia Post අද නිවේදනය කර සිටියේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »