Search

ජොකොවිච් ගේ ඔස්ටේ්‍රලියා වීසා තහණම ඉවතට

ලබන වසරේදී පැවැත්වෙන ඔස්ටේ‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පැමිණීමට සර්බියානු ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ට වීසා නිකුත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

නිසි එන්නත්කරණ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීමේ චෝදනා මත ඔහු පසුගිය ජනවාරි මාසයේදී මෙල්බන් නුවරින් පිටුවහල් කෙරුණේ වසර 03 ක තහනමක් ද පැණවීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ඔස්ටේ‍රලියා සංක්‍රමණ ඇමති ඇන්ඩෲ ගයිල්ස් විසින් අද දිනයේදී එම වාරණය ඉවත් කර ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් සඳහා තවදුරටත් එන්නත්කරණය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවීම ඊට හේතුවයි.

මේ අනුව ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවයේදි සිය 22 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය දිනාගැනීමේ අරමුණ ඇතිව නොවැක් ජොකොවිච් මෙල්බන් වෙත පැමිණිමට නියමිතයි.

ඔහුගේ නීතීඥයන් මාස ගණනක් පුරා සිදුකල මැදිහත්වීමක ප්‍රථිඵලයක් ලෙසයි මෙම වීසා තහනම ඉවත් කරවා ගැනීමට හැකිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »