ශ්‍රී ලංකාවට තවත් ලෝක කුසලානයක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව නිල වශයෙන් අද (13) නිවේදනය කළා.

සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024-2027 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවට අමතරව

නම්කර ඇති රාජ්‍යයන් වන්නේ මැලේසියාව, තායිලන්තය, සිම්බාබ්වේ, නැමීබියාව, නේපාලය සහ බංග්ලාදේශයයි.

මේ අතර ICC U19 කාන්තා T20 ලෝක කුසලානය 2025 මැලේසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන අතර 2027 – U19 කාන්තා ඉසව්ව බංග්ලාදේශය සහ නේපාලය එක්ව සත්කාරකත්වය දරනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »