ඔස්ටේ්‍රලියානුවන්ගේ අතේ ඇති මුදල හෙළිවෙයි

සාමාන්‍ය ඔස්ටේ‍රලියානුවෙකු විසින් වියදම් නොකර තබාගෙන ඇති මුදලෙහි සාමාන්‍යය ඩොලර් 4000 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

ඒ ආසන්න ඩොලර් 100 නෝට්ටු 18 ක් සහ ඩොලර් 50 නෝට්ටු 38 ක් වශයෙනුයි.

දල වශයෙන් ඔස්ටේ්‍රලියානුවන් සතු කාසි සහ නෝට්ටුවල වටිනාකම ඩොලර් බිලියන 100 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගණුදෙනු කිරීම ඇරඹිමත් සමග පසුගිය දශක කිහිපය පුරා ඔස්ටේ්‍රලියානුවන් විසින් කාසි සහ නෝට්ටු මගින් ගණුදෙනු කිරීම සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකුව පවසන්නේ.

වසර 15 කට පෙර එම ප්‍රතිශතය සියයට 69 ක් වූ අතර 2013 දී එය සියයට 47 දක්වා පහළ ගියා.

2019 දී එය සියයට 27 ක් බවට පත්ව ඇති අතර කොවිඩ් තත්වය එළඹීමත් සමග තවත් අඩුවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »